පාර්ලිමේන්තුවේ 225 ම හොරු කියන කතාව බොරු…! අපි වගේ දූෂණයෙන් තොර අවංක අයත් 80ක් විතර ඉන්නවා…!

August 7, 2022 at 8:04 am | by emanisa.lk

පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම එපා යන සටන් පාඨය රටේ බහුතර ජනතාවගේ මතය නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එය කිහිප දෙනෙකු විසින් ප්‍රකාශ කළ මාධ්‍ය විසින් ඔසවා තැබූ අදහසක් බවයි, හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

225ම හොරු නොවන නමුත් බහුතරය හොරු බවයි, මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ.

ඒ අතර 77-80ක් පමණ රටට ආදරය කරන හොරකම්වලට සම්බන්ධ නැති දූෂණයෙන් තොර පිරිසක් ද සිටින බව හෙතෙම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *