පාතාළය දෙදරුම්කයි.. කංජිපානී සහ ලොකු පැටී අත්අඩංගුවට…!

August 1, 2024 at 9:35 am | by emanisa.lk

පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස හඳුනා ගෙන ඇත්තේ ද මොවුන්ය. කංජිපානී මෙම ඝාතනය සැලසුම් කොට ඇති අතර මෙහෙයවා ඇත්තේ ලොකු පැටී විසිනි. ඒ් සඳහා කංජිපානී රු. කෝටියකට අධික මුදලක් වැය කර තිබිණි.

ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පළා යාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. පසුගියදා අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළේ මීට පෙර කංජිපානී අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුට ඇප ලබා ගෙන රටින් පළා යෑමට සැලැස්වීම පිටුපස එක්තරා කුප්‍රකට නීතීඥයකු සිටින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *