අරගල ප්‍රබලයාට ඇසිඩ් ප්‍රහාරයක්… මීට පෙරත් පැහැරගෙන පහර දීලා…!

July 21, 2024 at 4:13 pm | by emanisa.lk

ඉකුත් 2022 අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ගයාන් ප්‍රදීප් නන්දසේන සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කර ඉකුත් 16 වැනිදා කෑගල්ල ප්‍රදේශයේ දී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඇසිඩ් ප්‍රහාරයෙන් ඔවුන් දෙදෙනාට කිසිදු හානි සිදුවී නැතත් ඔවුන් ගමන්ගත් මෝටර් රථයට දැඩි ලෙස හානි සිදුවී තිබේ. මේ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඉකුත් 2022 ජුලි 09 වැනිදා අරගලය සිද්ධියෙන් පසු එහි ක්‍රියාකාරිකයකු වූ ගයාන් ප්‍රදීප් නන්දසේන මහතා නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී තිබිණි.

අරගලය අවස්ථාවේ එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට එල්ල වූ චෝදනා මත ගයාන් ප්‍රදීප් මහතා අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර තිබිණි. දිගින් දිගටම එල්ල වන තර්ජන ගර්ජන හමුවේ ඒ මහතා දැඩි භීතියකින් පසුවන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *