ක්ලබ් වසන්ත ඝාතනයට ළාබාල තරුණියක් අත්අඩංගුවට…!

July 21, 2024 at 3:08 pm | by emanisa.lk

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ තරුණිය මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

ඇගේ නමින් ලියාපදිංචි කර ඇති බස් රථයක්, එම ඝාතනයට පැමිණි ඝාතකයින්ට පළා යෑම සඳහා යොදා ගෙන ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, සැකකාරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් ක‌ළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *