සජබ සන්ධානය සූදානම්… පොහොට්ටුවේ 10කුත් සූදානම්…!

July 21, 2024 at 9:30 am | by emanisa.lk

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එළිදැක්වීමට නියමිත බව සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ජනාධිපතිවරණය, මහමැතිවරණය ඇතුළු ඉදිරි සියලුම මැතිවරණ සඳහා එම සන්ධානයෙන් තරග වැදීමට නියමිත බව පැවසූ ඒ මහතා නව සන්ධානය පිහිටුවීම සඳහා සෙසු පක්ෂ සමග කෙරෙන සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි සඳහන් කළේ.

සමගි ජන බලවේගය සමග දැනටමත් එක්ව කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් 10කට අධික පිරිසක් මෙම නව සන්ධානයට එකතු වීමට සූදානමින් සිටින බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *