දුම්රිය වර්ජකයන්ට අවසන් නිවේදනය…12ට කලින් නාවොත් රොත්තම ගෙදර…!

July 10, 2024 at 11:40 am | by emanisa.lk

අද (10) දවල් 12 පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ මහතා පවසයි.

එම නියෝගය පිළිපදින්නේ නැති සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවට නිවේදනවක් නිකුත් කරමින් ඔහු අනතුරු අඟවයි.

සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වෙත නිකුත් කරන අවසාන නිවේදනය මෙය බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *