ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උන්මාදයක් හදන බව එහි නායක අනුර දිසානායක පවසයි.
ඇමැතිගේ ලියුමක් අරගෙන රජයේ රැකියාවකට රිංගා ගැනීමට උත්සාහ කරන තරුණයෙක් නොව තමන්ගේ ව්‍යාපාරයක් ගොඩනැඟීමේ සිහිනයක් ඇති තරුණයෙකු නිර්මාණය කරන බව ද හෙතෙම කීය.
ඒ සඳහා උවමනා ප්‍රාග්ධනය කිසිදු ඇපයක් නොමැතිව ලබා දීමට සිය ආණ්ඩුව යටතේ ප්‍රාග්ධන බැංකුවක් හදන බවයි, අනුර දිසානායක අවධාරණය කළේ.
දූෂිත ප්‍රභූ පැලැන්තියෙන් බලය සිය අතට ගෙන එම බලය තම දරුවන්ට නොව රටේ අනාගත පරපුරට ලබා දෙන බව ද ඔහු සඳහන් කළේය.
කැකිරාව නගරයේ පැවැති ජන රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.