හිරුණිකාට හිර ගෙදර ඇඳුම අන්දයි…!

June 30, 2024 at 11:11 am | by emanisa.lk

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ රඳවා සිටින බව වාර්තා වෙයි.

තවත් රැඳවියන් සමග එම වාට්ටුවේ සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සිරකාරියන්ට නියම වී ඇති ඇඳුම ද බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්ථාවේම ලබා දී ඇති අතර ඒ සුදු පැහැති රෙද්දක් සහ හැට්ටයකි.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කෙරුණි.

කෙසේ වෙතත් ලබාදුන් දඬුවමට එරෙහිව හෙට අභියාචනයක් ඉදිරිපත් කරන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *