එජාප මහ ලේකම් රංගේබණ්ඩාරගේ පුතා අත්අඩංගුවට….!

June 29, 2024 at 12:17 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් ත්‍රීවිල් රථ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් ය.

අනතුර සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව කරුවලගස්වැව පොලීසිය පවසයි. මෙයට පෙර ද රංගේබණ්ඩාර පුතා අනතුරකට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *