සජිත් ජනාධිපතිකමට නෙමෙයි නගර සභාවකටවත් සුදුසු නෑ…! – අනුර…

June 28, 2024 at 5:25 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව යනු සියලු ජාතීන් නියෝජනය කරන වෙනසක් සහිත ආණ්ඩුවක් බව එම පක්ෂ නායක අනුර දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මඩකලපුවේ පැවැති ගුරු සමුළුවකට එකතු වෙමිනි.

සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයෙකු සහ ජනාධිපති අපේක්ෂකයකු වීමට එකම සුදුසුකම ඔහු රණසිංහ ප්‍රේමදාසගේ පුතා වීම බවයි, අනුර දිසානායක සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස ජනාධිපති පුතෙකු නොවුණේ නම් මඩකලපුව නගර සභාවට තෝරා ගැනීමටවත් ඔහු සුදුසු නැති බව ද අනුර දිසානායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *