ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත ගෙන ආ සමරිසි ඇසුර වරදක් නොකිරීමේ යෝජනාවට ජාතික ජන බලවේගය පක්ෂ බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසයි.
වැඩිහිටි දෙදෙනෙකු අතර ලිංගික ක්‍රියාවලිය තීරණය කළ යුත්තේ එම වැඩහිටියන් දෙදෙනා බවයි, ඇය සඳහන් කළේ.
ඒ පිළිබඳ නීති පැවැතිය යුත්තේ දරුවන් ආරක්ෂා කර ගැනීමට බව ද හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.
අදාළ සංශෝධනය මගින් වැඩිහිටියන්ට සිය ලිංගික දිශානතිය තීන්දු කිරීමේ අයිතිය ලැබෙන බවත් සතුන් සමග ලිංගික හැසරීම තහනම් කිරීම නිවැරදි බවත් මන්ත්‍රීවරිය වැඩි දුරටත් සඳහන් කරයි.
ඊයේ (25) දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් හරිනි අමරසූරිය මේ බව පැවසීය.