ජුලි 18 වන දිනට පසු මැතිවරණයක් ප්රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමි වන බව පාර්ලිමේන්තු මන්ත්රී, මහාචාර්ය චරිත හේරත් පවසයි.
ඊට පෙර යම් පාර්ලිමේන්තු උප්පරවැට්ටියක් කිරීමේ අවධානමක් ඇතැයි ද මන්ත්රීවරයා පෙන්වා දෙයි.
එවැන්නකට ආණ්ඩුව සූදානම් වුවහොත් එය පරාජය කිරීමට බලාපොරොත්තු වන බවයි, චරිති හේරත් වැඩි දුරටත් ප්රකාශ කළේ.