ඉන්දීය විදේශ ඇමැති – අනුර හමුවක් නෑ…!

June 21, 2024 at 10:30 am | by emanisa.lk

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නැවත සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පළමු විදේශ සංචාරය ලෙස ලංකාවට පැමිණියේය.

එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විදේශ ඇමැති අලි සබ්‍රි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වතුකරයේ, උතුරු – නැගෙනහිර නායකයන් හමු වී සාකච්ඡා කිරීමට කටයුතු කෙරිණි. කෙසේ වුව ද ජාතික ජන බලවේග නායක අනුර දිසානායක හෝ එම පක්ෂයේ කිසිදු නියෝජිතයකු හමුවීමට ඉන්දීය විදේශ ඇමැතිවරයා කාලය වෙන් කර නොතිබිණි.

මීට මාස කිහිපයකට පෙර අනුර දිසානායකට ඉන්දීය සංචාරයක් සඳහා ඇරයුම් ලැබුණු අතර ඒ අවස්ථාවේ එම පක්ෂ නියෝජිතයන් සඳහන් කළේ රෝ සංවිධනය කළ සමීක්ෂණ අනුව ඊළඟ ජනාධිපතිවරයා අනුර දිසානායක බව තහවුරු වී ඇති නිසා එලෙස ආරාධනා කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *