ගාලු මුවදොර අරගලයට සක්‍රීය ලෙස සම්බන්ධ වූ දේශපාලන කණ්ඩායම් එකතු වී ජන අරගල පක්ෂය යනුවෙන් නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ගෙන තිබේ.
ඊයේ (19) එහි මංගල මාධ්‍ය හමුවට එකතු වෙමින් වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි.
වර්තමාන ආර්ථික ක්‍රමවේද ඔස්සේ අර්බුදය විසඳිය නොහැකි අතර වාමවාදී ප්‍රතිපත්ති පදනම් කරගෙන ඊට විසඳුම් ලබා දීමට තමන් ඉදිරි ජනාධිපතිවරණයට සහ මහා මැතිවරණය තරඟ කරන බවයි, වසන්ත මුදලිගේ අවධාරණය කළේ.
ස්වයං පාලනය මත පදනම් වූ විසඳුමක් ජනවාර්ගික අර්බුදයට ලබා දිය යුතු අතර නව ව්‍යවස්ථාවක් ඇති කළ යුතු බවත් එහි නියෝජිත දුමින්ද නාගමුව ප්‍රකාශ කරයි.