ජනාධිපතිවරණ සටනේ පළමු තැන සිටින්නේ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
කෙසේ වුව ද පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන් ම සජිත් ප්‍රේමදාස දේශපාලන වේදිකාවේ කට වරද්දා ගනිමින් ඇති බවට හෙතෙම අනතුරු අඟවයි.
මෙම වරද ඉක්මනින් නිවැරදි කරනොගතහොත් දැනට තෙවන ස්ථානයේ සිටින රනිල් වික්‍රමසිංහ දෙවන හෝ පළමු හෝ ස්ථානයට පත්වීමේ ඉඩක් ඇතැයි ද ගම්මන්පිල අවධාරණය කරයි.
මෙම ඛේදවාකයෙක් ගැලවීමට නම් සජිත් ප්‍රේමදාස බුදු බණ සිහිපත් කරමින් වාචික සංවරය ඇති කරගත යුතු බවට ද ඔහු අවවාද කළේය.
පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් උදය ගම්මන්පිල මේ බව කීය.