තුන් වරක් රට ගිනි තැබූ පිරිසකට බලය ලබා දීම භයානකයි…! – හිටපු පොලිස්පතිවරු අනතුරු අඟවති…

June 13, 2024 at 3:55 pm | by emanisa.lk

අතීතයේදී ප්‍රචණ්ඩකාරී දේශපාලනයක නිරත වූ කණ්ඩායම් යළිත් වරක් එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි.

හිටපු පොලිස්පතිවරුන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

“1971 ඒ කැරැල්ලෙන් පස්සේ විශාල පුනරුත්ථාපනය කිරීමක් රජය විසින් සිදු කළා. අපි සෑම කෙනෙක්ම හිතුවා මෙතනින් කැරැල්ල අවසාන වෙයි කියලා. නමුත් අවාසනාවකට 1989 නැවත වරක් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ඇති වෙලා ලංකාවේ දේපොළ සහ ජීවිත විනාශ වුණා.

අපි ඊට පස්සෙත් හිතුවා මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව නතර කරයි කියලා. නමුත් අවාසනාවකට 2022 මැයි මස 09 වනදා ගෙවල් 91ක් එකම රැයේදී විනාශ කිරීමට තරම් සංවිධාන වූ පිරිසක් බව දැන් පෙනී ගියා. ඉතිං මෙවැනි දේවල් කරන කොට ඉදිරියට මේක නොකරාවි ද?

එදා නීතිය හා සාමය රකින්න අප සමග කටයුතු කළ ඇතැම් නිලධාරීන් මේ පිළිබඳ කල්පනා නොකොට රට ගැන ජීවිත ගැන රටේ දේපළ ගැන කල්පනා නොකොට කටයුතු කිරීම පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා.”

කීර්තිමත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු එකතු වී සංවිධානයක් හදා ගෙන එක්තරා දේශපාලන පක්ෂයකට බැඳී සිදුකරන ක්‍රියාව විශ්‍රාමික පොලිස් නිලධාරීන් වන තමන්ට සිදුකරන අවමානයක් බව හිටපු පොලිස් අධිකාරී නෝර්ටන් ද සිල්වා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලයක අද (13) පෙරවරුවේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *