කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය අද (03) හපුතලේ දුම්රිය ස්ථානයේ දී ගිනි ගෙන තිබේ.
එම දුම්රියේ පසුපස ඇන්ජීමේ මෙලෙස හදිසියේ ගින්නක් ඇති වූ බවයි, හපුතලේ පොලීසිය සඳහන් කළේ.
හපුතලේ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ පොලීසිය ප්‍රදේශවාසීන් සමග එක්ව එය නිවීමට කටයුතු කර ඇත.
එම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.