නිසි ලෙස නඩත්තු නොකරන තේ වතු රජයට පවරා ගැනීමේ සූදානමක්…!

May 31, 2024 at 9:16 am | by emanisa.lk

රජයට විසින් බදු පදනම මත ලබාදී තිබෙන තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන්නේ නම් ගිවිසුම් කාලය අවසන්කර එම වතු නැවත පවරා ගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර තේ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

රජය යටතේ පාලනයේ පැවැති තේ වතු, සමාගම් 28 කට බදු පදනම මත ලබාදී ඇතත්, ඉන් වතු නිසි පරිදි නඩත්තු කරනු ලබන්නේ සමාගම් පහක් පමණක් බව තේ මණ්ඩලය විසින් ඇමැතිවරයාට දැනුම්දී තිබේ.

සමාගම් විසින් රජයේ වතු බද්දට ගනු ලැබූවත්, තේ වගාවට නිසි පරිදි පොහොර යෙදීම, නඩත්තු කිරීම, පාළු සිටුවීම (මැරුණු ගස් වෙනුවට අලුත් තේ පැළ සිටුවීම) නොකරන බව අනාවරණයවී ඇත.

තේ වගා ඉඩම් සඳහා තේ පොහොර යෙදීමට රජය විසින් රුපියල් මිලියන 12,000 ක සහනාධාර ලබාදීමට කටයුතු කර තිබියදීත් බොහෝ සමාගම් නිසි ලෙස තේ පොහොර යෙදීමට කටයුතු නොකරන බව ද හෙළි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *