ගැටුමට ජනපති මැදිහත් වෙයි.. බැසිල් – ලන්සා හමුවක්…!

May 25, 2024 at 7:43 pm | by emanisa.lk

දේශපාලන වශයෙන් දැඩි ලෙස විරසක වී සිටින නිමල් ලන්සා මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් පැවැත්විය යුතු යැයි ජනාධිපති කාර්යාලය විසින් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

කලක් බැසිල් රාජපක්ෂගේ සමීපතමයකු ලෙස කටයුතු කළ නිමල් ලන්සා පසුව තවත් මන්ත්‍රී පිරිසක් සමඟ මැතිසබයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ගොඩනගා එයට නායකත්වය ලබා දෙමින් සිටී.

කෙසේ හෝ මෙම විශේෂ හමුව පැවැත්වීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම නිමල් ලන්සා වෙත ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා කැඳවීම සම්බන්ධයෙන්ද නිමල් ලන්සා සහ අනුර යාපා ඇතුළු නව සන්ධානයේ ප්‍රධානීන් දැඩි විරෝධය පළ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *