සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
ඒ අනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය මැයි මස 27 සහ 31 අතර දිනකත් පක්ෂ නායකයන් අතර විවාදය ජුනි මස 03 – 07 අතර දිනකත් පැවැත්වීමට තම පාර්ශ්වය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
මේ බව ජාතික ජන බලවේගයට ලිඛිතව දැනුම් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙම විවාද කටයුතු සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම විවාදයේ ආවරණ කටයුතු සඳහා සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කරන බවත් බණ්ඩාර මහතා තව දුරටත් කීවේය.