වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සඳහා රබර් නිෂ්පාදනය කරනු ලබන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලය තුළ ගනු ලැබූ පියවර යුරෝපා සංගමය විසින් ඇගයීමට ලක් කර ඇති බව පසුගියදා මෙරට සංචාරයේ නිරත වූ සුප්‍රකට මිචලින් කර්මාන්ත සමුහයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාව ද රබර් නිෂ්පාදනය හා ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය කරන රටක් වශයෙන් පෙර කී පනතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කර ඇත.
ශ්‍රී ලංකාව වනාන්තර විනාශ නොකර රබර් වගාව ව්‍යාප්ත කරන රටක් වශයෙන් ඇගයීමට ලක් කරන බව එම නියෝජිතයෝ ප්‍රකාශ කළහ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මෙම වසර තුළ හෙක්ටයාර් 1173ක රබර් වගාව ව්‍යාප්ත කිරීමට නියමිතය.