රාජ්‍ය අංශයේ දූෂණ අවම කරන්න තාක්ෂණික විසඳුම්…!

May 17, 2024 at 7:45 pm | by emanisa.lk

රාජ්‍ය අංශයේ දූෂණ වංචා අවම කිරීම සඳහා තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පවසයි.

වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතු බවත් දේශපාලන තන්ත්‍රය මඟින් සිදු කළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණක් බවත් සුමිත්‍රආරච්චි මහතා කීය.

ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

රාජ්‍ය සේවකයන්ගේ කාර්යභාර්ය පිළිබඳව යම් සමීක්ෂණයක් සිදු කිරීම ද අවශ්‍යව පවතින බව ද මන්ත්‍රීවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *