මගේ අතින් වුණේ හොඳ නැති වැඩක්… ඒ මනුස්සයා පව්…! – ප්‍රසන්න රණවීර….

May 17, 2024 at 1:59 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන් අතින් එදා “සාමාන්‍යයෙන් හොඳ නැති වැඩක් සිදු වූ බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.

ඔහු එසේ පැවසූවේ අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව යද්දී එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

මෙම සිදුවීමෙන් පසු, මෙම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණය යටතේ ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ “ඒ මනුෂ්‍යයා මොකෝ පව්, ඒ මනුෂ්‍යයා රස්සාවට එන්න ඕනෑ, ඇවිත් වැඩ කරන්න එපායැ, නැත්නම් ජීවත් වෙන්න විධියක් නැහැනෙ.” යනුවෙන් ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *