මෛත්‍රී ශ්‍රීලනිප සභාපති පුටුව ලක්ෂ 280කට විකුණලා…?

May 16, 2024 at 7:40 pm | by emanisa.lk

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදලට විකුණා දැමුවේ දැයි සැකයක් මතු වන බව එම පක්ෂයේ හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර පවසයි.

ඔහු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී දිනයක් දෙකක් ඇතුළත පාස්කු නඩුවෙන් ගෙවීමට නියම කළ කෝටි 10ක දඩ මුදලින් දෙකෝටි අසූ ලක්ෂයක් ගෙවා දමා ඇතැයි ද හෙතෙම අනාවරණය කරයි.

එම දඩ මුදල ගෙවීමට මුදල් නොමැති බවත් ඒ සඳහා පිටකොටුවේ බෝධිය අසල හිඟා කන බවත් ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයාට එකවර මෙතරම් මුදලක් ලැබුණේ පක්ෂය විකිණීමෙන් දැයි සැකයක් මතුවන බවයි, මොන්ටේගු සරච්චන්ද්‍ර සඳහන් කළේ.

මේ මුදල් ලැබුණු ආකාරය පිළිබඳ සොයා බැලීමට විමර්ශනයක් කරන ලෙස අල්ලස් කොමිසමට තමා පැමිණිලි කළ බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *