සජිත් – අනුර විවාදයට රජයෙන් නිවාඩු දිනයක්…!

May 16, 2024 at 4:27 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක අතර විවාදය ඉක්මනින් පවත්වන ලෙස තමා ඉල්ලා සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

විවිධ හේතු දක්වමින් දෙදෙනා ම මෙම විවාදය මග හරින්නට කටයුතු කරන බවට ද ඇමැතිවරයා චෝදනා කළේය.

මෙම විවාදය පැවැත්වෙන දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කොට ජනතාවට එය නැරඹීමට අවස්ථාව ලබා දෙන මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද හෙතෙම කීය.

අභියෝගයකට මුහුණ නොදී පළා ගිය දෙදෙනෙක් රට හදන්නේ කෙසේ දැයි එවිට ජනතාවට දැකබලා ගත හැකි බව ද හරීන් ප්‍රනාන්දු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *