පාසල් සිසුන් ලක්ෂ 06ක් කුසගින්නේ පාසලට…!

May 16, 2024 at 9:08 am | by emanisa.lk

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇතැයි ද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බවද එහිදී සඳහන් විය.

පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසද කමිටුව උපදෙස් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *