විදේශ රැකියා සඳහා ඉකුත් 2023 වර්ෂයේ පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 4.3 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව නිකුත් කළ වාර්තාවක් අනුව 2023 වර්ෂයේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස 297,656ක් වන අතර 2022 වර්ෂයේ දී විදේශගත වූ සංඛ්‍යාව 311,056කි. ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 13,400 කින් අඩුවී ඇත.
2023 වර්ෂයේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිසෙන් සියයට 55.3ක් පුරුෂයන් වන අතර සියයට 44.7ක් කාන්තාවන් බව ද මෙකී වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.