මුජිබර් ඉංග්‍රීසියෙන් දිවුරා නැවතත් පාර්ලිමේන්තුවට…!

May 11, 2024 at 9:08 am | by emanisa.lk

මුජිබර් රහුමාන් මහතා අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (10)  පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ඔහු ඉංග්‍රිසි භාෂාවෙන් දිවුරුම් දීම සිදුවිය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය  ඇති තැනැත්තියක බව ඔප්පු වීම හේතුවෙන් ඇයට අහිමි වූ මන්ත්‍රී ධුරය සඳහා රහුමාන් මහතා මෙලෙස දිවුරුම් දුන්නේය.

මුජිබර් මහතා නව වැනි පාර්ලිමේන්තුව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ජනතා මනාපයෙන් තේරී පත්ව දැනට කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය කැමැත්තෙන්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *