විවෘත කරන්නත් කලින් අධිවේගයේ කොටසක් කඩා වැටේ…!

May 6, 2024 at 1:07 pm | by emanisa.lk

මීරිගම – කඩවත අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශය ආශ්‍රීත කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ, මීටර් 35 ක පමණ දිගකින් යුතු කොන්ක්‍රීට් බාල්කයක් පෙරළීමෙන් මෙය සිදුව ඇති අතර තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයේ පවතින බව වාර්තා වෙයි.

2021 වසරේ මෙම කොටසේ කොන්ක්‍රීට් බාල්ක සවිකර ඇති අතර බාල්කය පෙරළීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මේ සමගම කිලෝමීටර් 17 කින් යුත් සමස්ත මාර්ග කොටසේ ඇති සියලු බාල්කවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව එම අධිකාරිය පවසයි.

ජාත්‍යන්ත මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම හමුවේ අධීවේගී මාර්ගයේ ඉදිකිරීම් පසුගියදා නවතා දැමුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *