ආචාර්ය නලින්ගේ අවසන් කටයුතු ඇමරිකාවේ….!

May 3, 2024 at 12:00 pm | by emanisa.lk

අභාවප්‍රාප්ත ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමරිකාවේ දී සිදු කිරීමට ඔහුගේ පවුලේ ඥාතීන් තීන්දු කර තිබේ.

ඒ අනුව එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ දී එළඹෙන ඉරිදා (05) සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ඊට සමගාමීව මෙරට දී බෞද්ධ චාරිත්‍රානුකූලව අවමංගල්‍ය කටයුතු සිදුකර ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට පිං අනුමෝදන් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *