අභාවප්‍රාප්ත ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමරිකාවේ දී සිදු කිරීමට ඔහුගේ පවුලේ ඥාතීන් තීන්දු කර තිබේ.
ඒ අනුව එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ දී එළඹෙන ඉරිදා (05) සිදු කිරීමට සැලසුම් කර තිබේ.
ඊට සමගාමීව මෙරට දී බෞද්ධ චාරිත්‍රානුකූලව අවමංගල්‍ය කටයුතු සිදුකර ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට පිං අනුමෝදන් කිරීමට නියමිතය.