සජබ ආණ්ඩුවෙන් කම්කරුවන් වතු හිමියන් කරනවා…! – සජිත්…

May 2, 2024 at 8:58 am | by emanisa.lk

වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් සුරකිමට තම රජයක් තුළ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලිය ඊයේ (01) දින තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් පමණක් නොවන ඔවුන්ගේ භාෂාව, ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට ද කටයුතු කරන බවයි.

තේ වතු ආශ්‍රිත මුඩු ඉඩම් වතු කම්කරුවන් අතර බෙදා දිමට කටයුතු කරන බවත්, උඩරට සහ පහතරට වතු කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *