බඩගින්නේ ඉන්න පුද්ගලයෙකු රටේ නායකත්වයට පත් කරන්න එපා යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පියසිරි විජේනායක පවසයි.
දිලිත් ජයවීර වැනි මහන්සියෙන් ව්‍යාපාර ගොඩනඟා රටට යමක් එකතු කළ අයකු බලයට පත් වූ විට මහජන මුදලින් රජසැප ලැබීමට කටයුතු නොකරන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ඔහුට ගේ දොර යාන වාහන ධනය ඇති නිසා කිසිවෙකුගේ දෙයක් හොරකම් කිරීමේ උවමනාවක් නැති බව ද පියසිරි විජේනායක පෙන්වා දෙයි.
එසේම දිලිත් ජයවීරට රට හදන දැක්මක් ඇති නිසා ඔහු සමග එකතු වී දේශපාලනය කිරීමට තීන්දු කළ බව ද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ මව්බිම ජනතා පක්ෂයේ ගම්පහ හමුවට එකතු වෙමිනි.