හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළු සල්ලි සුදු කිරීමට නිළියක මෙන්ම නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලිව යොදාගෙන ඇද්ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පවසයි.
නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට ඊයේ (17) ඔහු මේ පිළිබඳ පැමිණිලි කළේය.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සංජය මහවත්ත කියා සිටියේ පියුමි හංසමාලි අතිසුඛෝපභෝගී නිවාස පරිශ්රයක සුපිරි ජීවිතයක් ගතකරන බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රේන්ජ් රොවර් රථය පසුගිය සමයේ පියුමි හංසමාලීට ලබා දීම හෝ ඈ විසින් මිලට ගැනීම සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.
ඇයට මෙතරම් මුදල් සම්භාරයක් ලැබී ඇත්තේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම මගින් ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකළ යුතු බවයි, සංජය මැදවත්ත ප්‍රකාශ කළේ.