තමන්ට බස් මෑන් යැයි අපහාස කළ පුද්ගලයාගේ ගම වන තඹුත්තේගම පාසලට තමා බස් රථයක් පරිත්‍යාග කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
තමා මෙන් ම සිය පක්ෂයේ ආර්ථික කමිටුවද මඩ ප්‍රහාරවලින් තොරව ඕනෑම අයෙකු සමග ඕනෑම විවාදයකට සූදානම් යැයි ද හෙතෙම කීය.
එම විවාදයේ දී විපක්ෂයේ සිට රටට කළ මෙහෙවර පිළිබඳ ද කතාබහ කිරීමට ද සූදානම්ව පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස අභියෝග කරයි.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, පුත්තලම ආනමඩුව කන්නංගර විදුහලට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එකතු වෙමිනි.