පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගන්නා මන්ත්‍රීවරයා අගමැති ධූරයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එලෙස පත් අගමැතිවරයාට ඉවත් වන්නැයි බල කරමින් ඔහුගේ නිවස ගිනි තබන්නේ නම් විපක්ෂය ද ඊට අනුබල දෙන්නේ නම් ඒ රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක් දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතා නියෝජිත මන්ත්‍රීවරයෙකු මහ පාරේ පහර දී මරා දැමීම ඇතැමුන් අනුමත කළ අතර නීතීඥ සංගමමය පවා එය හෙළා නොදැකීම කනගාටුදායක බවයි.
පසුගිය සමයේ මේ ආකාරයට දුර්වල වූ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිවෙකු හොරකම් කළේ නම් ඔහු රටේ අධිකරණයට ඉදිරිපත් කළ යුතු අතර ඒ ඒ පක්ෂ බලයට පත් වූ පසු ඔවුන්ගේ විනය කමිටු මගින් එය ඉටු කළ නොහැකි බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් කීය.