රතු පාට අඳින ඇතැම් ප්‍රතිගාමී කල්ලි ද පාලකයින් සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණේ ගමන වැළැක්වීමට උත්සාහ කරමින් ඇතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
මේ වන විට රාජපක්ෂ දේශපාලන කඳවුර ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කොට අවසාන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
රාජපක්ෂ පවුල පමණක් මේ වන විට යන්තම් ගුලි ගැසී ඇතැයි පවසන ටිල්වින් සිල්වා, නාමල් ජාතික සංවිධායක ධූරයට පත්කොට එය ද පවුල තුළ ම තබා ගැනීමට කටයුතු කර ඇති බවට ද චෝදනා කළේය.
ජාතික ජන බලවේග මාධ්‍ය හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මේ බව කීය.