දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දෛනික දේශීය බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාව ඉක්මවා ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව බිත්තර ලක්ෂ 65ක් වන අතර දැනටමත් දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇති බව බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මේ වනවිට වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 45-50 දක්වා මිල ගණන යටතේ අලෙවි කෙරේ.