පුද්ගලයෙකු කොරියාවට යවන බව ප්රකාශ කොට රුපියල් ලක්ෂ 30ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා යොමු කළ අපේක්ෂිත ඇප ඉල්ලුම අධිකරණය ප්රතික්ෂේප කොට තිබේ.
ඒ අනුව එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන්ගේ බොරලැස්ගමුවේ නිවසට ගොස් තිබේ.
කෙසේ වුව ද ඒ වන විට දමිතා සහ සැමියා නිවසේ සිට නැත..