බන්දුල ගුණවර්ධන කියන ආකාරයට පවුලකට මාසයක් රු. 2500කින් ජීවත් විය නොහැකි බව ජාතික ජන බලවේග විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.
කෙසේ වුව ද ජවිපෙ නායකයින්ට මන්ත්‍රී වැටුප ද නොගෙන පක්ෂයෙන් දීමනාවක් ද නොගෙන ජීවත් විය හැකි බවයි, ඔහු සඳහන් කළේ.
තමන් මන්ත්‍රීවරයෙකු ජනතා නායකයෙකු වීමට පෙර ජීවත් වූ ආකාරයක් ඇති බවත් එලෙස ම දැන් ද ජීවත් විය හැකි බවත් හෙතෙම කියයි.
මහජන දේපළ හොරකම් නොකරන්නේ නම් කිසිවෙකුට කරදරයක් නැත්නම් තම දරුවන් ද අවශ්‍ය නම් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ද යොමු කරමින් ජීවත් වීමේ වරදක් නැතැයි සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.