පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) සමගි ජන බලවේගය පක්ෂයෙන් කිසිවෙකු නම් නොකිරීමට තීරණය කර තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.
රෝහිත අබේගුණවර්ධන මහතා එම කමිටුවේ සභාපති ධූරයේ සිටින තුරු තම පක්‍ෂයෙන් සාමාජිකයන් නම් නොකරන බව ඔහු සඳහන් කළේය.