උතුරේ හමුදාව යටතේ තිබූ තවත් අක්කර 234ක් ජනතාවට…!

March 22, 2024 at 3:20 pm | by emanisa.lk

යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ තිබූ ඉඩම් අක්කර 234ක භූමි ප්‍රමාණයක් ගොවි ජනතාවට නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ යාපනයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට අයත් ඉඩම් ඒ අනුව නිදහස් කර ඇති බවය.

ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ තවත් 408 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැති අතර එහි දී එම ඉඩම් නිදහස් කිරීම සිදුකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *