යහපාලන සම්ප්‍රදාය පෙන්වා එරාන් කෝප් කමිටුවෙන් යයි..!

March 18, 2024 at 4:06 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නොහොත් කෝප් කමිටුවේ සාමාජිකත්වයන් ඉල්ලා අස්විය.

අස්වීමේ ලිපිය ඔහු කතානායකවරයාට ඊයේ බාර දුන් බව හෙතෙම පැවසීය.

යහපාලන ආණ්ඩුව සමයේ කෝප් කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීමේ සම්ප්‍රදායක් තමන් ඇති කළ ද මේ වන විට එය උල්ලංඝනය කොට ආණ්ඩුවට එම තනතුර ලබා දීමට කටයුතු කර ඇතැයිද එරාන් වික්‍රමරත්න චෝදනා කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *