සමානුපාතික ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් සඳුදා (04) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සමානුපාතික ක්‍රමය වෙනුවට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරන සමානුපාතික සහ ආසන ක්‍රමවල මිශ්‍රණයක් එමගින් යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160 දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාස මට්ටමින් ද ඉතිරි මන්ත්‍රීන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරාගත යුතු බව ද එමගින් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.