ජාතික ජන බලවේගයේ ස්ථිර ඡන්ද පදනම 3%ක් බව සමගි ජන බලවේගයේ මයන්ත දිසානායක පවසයි.
එම ඡන්ද පදනම 50.1% දක්වා ඉහළ නංවන්නේ කෙසේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
රැල්ලෙන් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ වසර 02ක් යන්නට එම ජනතාව විසින් ම පන්නා දැමූ බව ද මයන්ත දිසානායක කීය.
ඇතැම් දේශපාලන පක්ෂ ගොනු වී ඇත්තේ පවුලක් වටා බවත් එවායේ බාහිරට මිස අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
සමගි ජන බලවේග මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් මයන්ත දිසානායක මේ බව කීය.