මේ වන විට බොහෝ දෙනෙකු ජනාධිපති සූට් මැසුව ද තමන් ඇතුළු ආණ්ඩුවට පැවරී ඇත්තේ ජනතාව සුවපත් කිරීමේ කාර්යභාරය යැයි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.
ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ වසර අවසානයේ බවත් අවශ්‍ය මොහොතේ සිය වාමාංශික ප්රගතිශීලී අපේක්ෂකයා රටට ඉදිරිපත් කරන බවත් හෙතෙම අවධාරණය කරයි.
ජනාධිපතිවරණය දිනාගත හැක්කේ රටේම බහුතර ඡන්දය ලබා ගත හැකි අපේක්ෂකයාට බව ද ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කරයි.
පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නායකත්වයට සහ පාක්ෂිකයාට තමන් අවශ්‍ය ශක්තිය ලබා දෙන බව ද හෙතෙම කීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.