රාජ්‍ය ආයතන 71%ක දුරකතන අක්‍රියයි..! පුංචි ආණ්ඩු 45%ක් ගොළුයි..!

February 27, 2024 at 10:32 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මහජන සේවා සැපයීම සඳහා හඳුන්වා දී ඇති දුරකථනවලින් සියයට 71 ක් නිසිපරිදි ක්‍රියාත්මක නොවන්නේ යැයි පේරාදේණිය විශ්වවිද්‍යාලය කළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ.

රාජ්‍ය ආයතනවල ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති දුරකථනවලින් සියයට 29ක් පමණ නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් දුරකථන සියයට 22 කට කිසිදු නිලධාරීයෙක් ප්‍රතිචාර නොදක්වන බවත් පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

එම සමීක්‍ෂණයට ලක්වූ ප්‍රාදේශීය සභා 98න් සියයට 14 ක දුරකථන අක්‍රීය බවත් සියයට 42ක් පමණක් ප්‍රතිචාර දක්වන අතර සියයට 45 ක් ප්‍රතිචාර නොදක්වන බවත් මහාචාර්යවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *