වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වන පොලිස්පති ධුරයට පත්කර තිබේ.
නව පොලිස්පතිවරයාට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ නිල පත්වීම භාර දී ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව කතෝලික සභාව මෙන්ම සිවිල් සංවිධාන දැඩි ලෙස විරෝධය පළ කළේය.