මහා වගකීම් සම්භාරයක් උසුලන මහ බැංකු නිලධාරී පඩි වැඩි කිරීම හරි…! – පාඨලී…

February 24, 2024 at 2:36 pm | by emanisa.lk

මහ බැංකුව භාරදූර වගකීමක් දරන ආයතනයක නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 17ක් පඩි දීමේ වරදක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ජීවන වියදම දරාගත නොහැකිව රටේ සිටින දක්ෂයින් විදෙස්ගත වෙමින් ඇතැයි ද එම පිරිස නවතා ගැනීමට එවැනි පියවරක් අවශ්‍ය බව ද හෙතෙම පෙන්වා දෙයි.

එහෙත් රට බංකොලොත්වීම වළක්වා ගැනීමට මහ බැංකුව සිය වගකීම ඉටු කළේ ද යන්න ප්‍රශ්නයක් බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාඨලී චම්පික වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මහ බැංකුව මෙහි දී සිය වගකීම ඉටු කොට නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *