ජනතා මුදල් ගසා කන අලුත් ම තියරිය මෙන්න..! හිමිකම් නොමැති නිලධාරීන්ටත් ප්‍රවාහන දීමනා…!

February 22, 2024 at 12:02 pm | by emanisa.lk

රජයේ වාණිජ විවිධ නිතිගත සංස්ථාව නිලවාහන සඳහා හිමිකමක් නොමැති සේවක පිරිසකට ද මාසික නිල ප්‍රවාහන දීමනා ගෙවා ඇතැයි අනාවරණය වී තිබේ.

එම ආයතනයට ස්ථිර පදනම මත බඳවාගත් නිලධාරින් 41 දෙනෙකුට සහ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් නිලධාරින් 10 දෙනෙකුට මෙලෙස දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2023 මාර්තු 31න් අවසන් වූ වසර සඳහා රුපියල් හතලිස්එක්ලක්ෂ දොළොස්දහස් පන්සියයක මුදලක් වැය කර ඇතැයිද ඒම වාර්තා පෙන්වා දෙයි.

මේ පිළිබඳ ශ්‍රිලංකා රජයේ වාණිජ විවිධ නිතිගත සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ එම නිලධාරින්ට ප්‍රවාහන දීමනා ගෙවිම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවත් භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනිම සිදුවෙමින් පවතින බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *